ඉහළ වෘත්තියකින් යුතු ජනමාධ්‍ය පද්ධතියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ස්ථාවර ජනමාධ්‍ය කොමිෂමක් පත් කෙරෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සංකල්ප පද්ධතියක සකස් කරමින් සිටින බවත් මේ පිළිබඳ ජනමාධ්‍ය ආයතන සමඟ සාකච්ඡා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව මාධ්‍යවේදීන්ට, මාධ්‍ය සංවිධානවලට හා විද්වතුන්ට මෙම කොමිසම ස්ථාපිත කිරීම සඳහා අදහස් ලබා දිය හැකි බව සහ එය කාටත් පිළිගත හැකි ප්රජාතන්ත්රවාදී න්යාමයක් වනු ඇති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතාද එක්ව සිටියහ.