ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිත්තෙන් රටටත්, ජනතාවටත් සෙත් පතා පවත්වන ලද මහා ආශිර්වාද පූජාවක් ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ඊයේ පස්වරුවේ ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගී විය.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොටුවිල විමලකිත්ති නායක ස්වාමින් වහන්සේ, ශී‍්‍ර පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ ප්‍රමඛ මහා සංඝරත්නය ද, මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින් මෙන්ම විදෙස් නියෝජිත පිරිසක් ද සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවට තේරි පත් වුයේ 1989 පෙබරවාරි මස 15 වෙනි දිනය.