ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ක්‍රිකට් කණ්ඩායමට ප්‍රමාණවත් ක්‍රිකට් ක්‍රීඩා උපකරණ නොමැතිවීම හේතුවෙන් පැවති අපහසුතාවය දුරලමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටලයක් ප්රදානය කිරීම පසුගියදා සිදු විය.
එම ක්‍රීඩා උපකරණ කට්ටලය සංඛේතාත්මකව අමාත්‍යංශ ක්‍රිකට් කණ්ඩායම වෙත ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි අතිරේක ලේකම් (පාලන) ඒච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය ඇතුලු අමාත්‍යංශයෙහි ක්‍රිකට් කණ්ඩායම සහ නිලධාරීන් රැසක්ද එක්වූහ.