8 වැනි පාර්ලිමේන්තුවේ නව කමිටු, විශේෂ කාරක සභා සහ අණපනත් පිලිබඳව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්ව සංවිධානය කරනු ලැබූ විශේෂ සම්මන්ත්‍රණයක් අද (04) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර 01 හිදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයේදී 8 වැනි පාර්ලිමේන්තුව විසින් අභිනවයෙන් පත්කර ක්‍රියාත්මක කරනු ලබන ආංශික අධීක්ෂණ කාරක සභා, මුල්‍ය කටයුතු සුපරීක්ෂණ කාරක සභා ඇතුළු මහජන පෙත්සම් කාරක සභාවල කාර්යභාරය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පිලිබඳ ක්‍රියා පිළිවෙල හා වගකීම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සහභාගී වන මෙම අවස්ථාවට සියලුම අමාත්‍යංශවල සේවය කරන අතිරේක ලේකම්වරු, ජේෂ්ඨ සහකාර ලේකම්වරු ඇතුළු ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වීමට නියමිතය.