තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ උදෑසන (04) කථානායක නිල නිවසේදී අත්සන් කරනු ලැබිය.

කථානායකවරයා අත්සන් තැබීමත් සමග තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත බලාත්මක වනු ඇත. මෙම පනත් කෙටුම්පත 2016 මාර්තු මාසයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම, තොරතුරු වෙත පිවිසීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම, තොරතුරු නිලධරයන් පත් කිරීම, තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ.