මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහැර අද (08) රාත‍්‍රී 7.12ට යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව වීථි සංචාරය කිරීමට නියමිතයි.

දළදා වීදිය, ඞී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර පෙරහැර යළි මාලිගාවට ගෙවිදීමට නියමිතයි. පෙරහැරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 4500කට ආසන්න ප‍්‍රමාණයක් යොදවා තිබේ.