පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව සංවිධානය කල තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙම වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්විණ.
එහිදී මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍යවරයා,
" රජය ලෙස අපට කලහැකි දේ කරල මාධ්‍යවේදීන් ඉහලට ගෙන එන්න අප උත්සාහ ගන්නවා. එහෙත් ඇතමුන් ඒවාට විවිධ අර්ථකතන දෙන්න හදනවා. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තාකරන දෙය, ප්‍රවෘත්තිය පාලනය කලේ එක තැනකින්. නමුත් අද එහෙම පාලනයක් නැහැ. මාධ්‍ය නිදහස හොඳින් හිමිව තිබෙනවා. කවුරු කොහොම මොන අර්ථකථන දෙන්න හැදුවත් අපේ මාධ්‍යවේදීන්ට ලබාදියහැකි හැමදේම අපි ලබාදෙනවා. ලෝකයේ හත්වැනි හොඳම තොරතුරු දැනගැනීමේ පනත අපට මේ රටට හඳුන්වා දෙන්න අපිට හැකිවුනා. ඒ මගින් කාටත් යහපතක් වෙන ආකාරයට අපි ඒක කලා.අද විද්‍යුත් මාධ්‍ය වලටත් යම් නියාමනයක් අවශ්‍යයි කියල විද්‍යුත් මාධ්‍ය ඉල්ලනවා. ඒ විතරක් නොවෙයි දැන් අපේ අවධානය මාධ්‍ය පුහුණු ඇකඩමියක් පිහිටුයීමටයි. ඒකට විදේශ ආධාර ලබාදෙන්න පවා සාකච්ඡා ඉදිරිපත්වෙලා තිබෙනවා. අද අපේ රටේ මාධ්‍ය, වාර්තා කිරීමේදී ඒ වාර්තා කරන දෙය නිවැරදිව වෙනවද කියන කාරණය ගැන හිතන්න වෙලා තිබෙනවා. මම පසුගිය සතියෙ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියපු කාරණයක් සහමුලින්ම වෙනත් අර්ථයක් එන අයුරින් ඇතම් මුද්‍රිත මාධ්‍ය වාර්තාකර තිබුනා.මම කිව්ව අපේ රජය විසින් විදේශ වලින් ලබාගන්නා ණය වලට ගෙවන පොළිය සියයට 05 යි කියල. නමුත් පසුගිය රජය ඒ ණය අරන් තිබුනේ ගිණි පොළියටයි. මම ඒ දෙයයි කිව්වෙ. නමුත් ඇතම් මුද්‍රිත මාධ්‍ය වාර්තාකර තිබුනේ ඒ රජය අරන් තිබුනේ බිලියන 05 ණය කියලයි. අන්න එවන් මාධ්‍ය වාර්තා අපි දකිනවා.මාධ්‍යවේදීන්ට පුලුවන් තමන්ට ඕනෑම ආකාරයේ මත ඉදිරිපත් කරන්න. නමුත් ඉන් සමාජගතවන දෙය පිළිබඳව හොඳ අවධානයක් එය ඉදිරිපත් කිරීමට පෙර ඇතිකරගත යුතුයි.”
“ දේශපාලනය කරන්න පුලුවන් නමුත් මාධ්‍යවේදීන් තමන්ගේ වාර්තාකරණයේදී තමන්ගේ දේශපාලන මතය ඇඟට නොගෙන එය ඉස්මතු නොකොට ජනතාවට සාධාරණ ප්‍රවෘත්තියක් දීල, හරි තොරතුරු දීමයි කලයුතු වන්නේ. ගාල්ලේ ජවසම්පන්න දක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් ඉන්නවා. සුනාමි වාර්තාකරණයේදී ගාල්ල මුලු ලෝකයේම අවධානයට නතු වුණු දිස්ත්‍රික්කයක් වුනා. නිවාස නොමැති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් දිස්ත්‍රික්කයක නිවාස 25ක් බැගින් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා සමග මම සාකච්ඡා කරල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ සඳහා සුදුසු ඉඩමක් ගාල්ල නගරය ආසන්නයට වන්නට සොයා දෙන්න කියල මා කිව්වා. ගාල්ල ආසන්නයේ නැත්නම් අක්මීමන ආසනයෙන් සොයා දෙන ලෙස මා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතාට දැනුම් දුන්නා. ඉදිරියේදී එය ක්‍රියාත්මක කරනවා.”
මෙහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරිනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් ද විශේෂ දේශණ ඉදිරිපත් කල අතර ඒවා ප්‍රායෝගික මාධ්‍ය වාර්තාකරණය, මාධ්‍යවේදීන්ගේ වාර්තාමය ගැටලු හා න්‍යයාත්මක කරුණු ඔස්සේ සිදුකෙරිනි. මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100ක් පමණ එක්වූහ. මෙහිදී ඒ සියලු මාධ්‍යවේදීන් වෙත සහතික ප්‍රධානයක් ද සිදුවිය.