පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ජාතික ජනමාධ්‍ය සම්මාන උළෙල - 2015 පිළිබඳව දැනුවත් කිරීම සහ එය වඩාත් සාර්ථක කරගැනීමට අවශ්‍ය අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (29) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම සම්මාන උළෙල මගින් 2015 වසරේදී පුවත්පත්හි පළවූ පුවත් හා විශේෂාංග ලිපි මෙන්ම , ගුවන්විදුලි , රූපවාහිනී මධ්‍යයේ විකාශය වූ වැඩසටහන් ඇගයීමට ලක්කෙරෙනු ඇත. සම්මාන උළෙල මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීහූ සහ අමාත්‍යාංශ නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.