අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එස්.එස්. හෙට්ටිආරච්චි මහතා පත්කරනු ලැබ ඇත. ඒ මහතා හෙට පෙ.ව 9.30 ට බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
දශක තුනක කාලයක් රාජ්‍ය පරිපාලන ක්ෂේත්රවල තනතුරු ගණනාවක් හොබවා ඇති ඔහු රාජ්‍ය සේවයට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ ජේෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අයෙකි. කලක් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇති හෙට්ටිආරච්චි මහතා අතිගරු ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී නව පත්වීම සිදුකර ඇත.