පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණ.
එහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ සංකල්පය සහ එහි විකාශය යන මැයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා විශේෂ දේශනයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතෙහි මූලික ලක්ෂණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගරු ජයම්පති වික්‍රමරත්න මැතිතුමා විසින් සහභාගීවන්නන් දැනුවත් කරනු ලැබිය.
වැඩමුළුව අවසානයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා ප්රමුඛ පස් දෙනෙකුගෙන් සැඳුම්ලත් විද්වත් මණ්ඩලයක් විසින් තොරතුරු නිලධාරින් පත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ දී පොදු අධිකාරින් විසින් ඉටු කළයුතු කාර්යභාරය හඳුනාගැනීම සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබිය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරු සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරු රැසක් සහභාගී වී සිටියහ.