ඉන්දීය සාගර පාලන නීති පද්ධතියක් සකස්කර ගැනීම උදෙසා ඉන්දීය සාගර සමුළුවක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.මානව සංවර්ධන සහයෝගීතාව සඳහා වැඩසටහන් සැකසිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2016 ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක දේශනය පවත්වමිනි.
සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ඉන්දීය සාගර සමුළුව සදහා රටවල් 21ක නියෝජිතයන් දෙසිය පනස් දෙනෙකු සහභාගි විය. සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඉන්දියන් සාගර පාලන නීති පද්ධතිය කලාපයේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව සහතික කරන්නක් වියයුතු බවයි. අන්‍යෝන්‍ය වාසිය උදෙසා සාගර කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
ධනය හා තාක්ෂණය අතින් පැවති පෙරදිග අපරදිග පරතරය ආසියාවේ වර්ධනාත්මක පසුබිම මත සැළකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතිනවා. ලෝකයේ දැවැන්තම ආර්ථික බලවතුන් වන චීනය , ඇමෙරිකාව , ජපානය හා ඉන්දියාව අතරින් තිදෙනෙකුම සිටින්නේ ආසියාවේයි. ඉන්දියන් සාගර කලාපීය ජාතීන්ටත් විශේෂයෙන් ආසියානු රාජ්‍යයන්ටත් සිය අනාගතය තීරණය කිරීම සදහා පෙරමුණ ගන්නට දැන් කාලය එළඹ තිබෙනවා. ඉන්දීය සාගර පැවැත්ම පිළිබද නීති පද්ධතිය නිර්මාණය විය යුත්තේ සියල්ලන්ටම පිළිගත හැකි නීති හා එකඟතා පදනම් කරගෙන බව අපගේ විශ්වාසයයි.
අග්‍රාමාත්‍යවරයාගේ අදහස් දැක්වීම ඉන්දීය සාගර කලාපීය අනාගතය පිළිබඳ දූරදර්ශී ප්‍රකාශයක් ලෙස පැමිණ සිටි විද්වතුන්ගේ ප්‍රශංසාවට ලක්විය. සමුළුවේ ඉදිරි සැසිවාරයන්හිදී එම අදහස් පිළිබද ගැඹුරු විමසීමක් කිරීමට අපේක්ෂාකරන බවත් ඔවුහු පැවසුහ.