එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ​​මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ​නිල සංචාරයේ විශේෂ අවස්ථා ඇතුළත් කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සැකසු ඡායාරූප ඇල්බමය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගිය සිකුරාදා (02)කොළඹ ගාළුමුවදුර හෝටලයේදී ඒ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

තමන්ගේ සංචාරයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ඇල්බමය දුටු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතිශය සතුටට පත් වූ අතර අප රටේ දියුණුව පිළිබඳව සිය ප්‍රසාදයද පළ කරනු ලැබිය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසුරිය මහතාද සහභාගී විය.