ශ්‍රී ලාංකේය ඡායාරූපශිල්පීන් වෙනුවෙන් සම්පාදනය කර තිබෙන ආචාර ධර්ම සංග්‍රහය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා විසින් ආචාර ධර්ම සංග්‍රහය පිරිනැමීම සිදුකළේ ය.
මෙම ආචාර ධර්ම සංග්‍රහය, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් උදෙසා මෙවැනි ආචාර ධර්ම සංග්‍රහයක් එළිදැක් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.