අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී  කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක මහා කම්මට්ඨානාචාර්ය මහෝපාද්‍යය ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ, ජාතික ආගමික හා ශාසනික වශයෙන් ශ්‍රී ලංකාවට කළ උදාර සේවය වෙනුවෙන් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමා සහ ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා විසින් තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර ඇත.

එම ආදාහන පූජෝත්සවය 2016.09.12 දින ප.ව 3.00 ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.