සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂ නිපුණතා ඇගයීම මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය සඳහා වූ රාජ්‍ය සම්මාන උළෙලේ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. මේ පිලිබඳව මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සම්මාන උළෙලවලදී බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වූ කරුණු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් හා ජාත්‍යන්තර ප්‍රමිතිය, ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් පැවැත්වීමට අපේක්ෂිත මෙම සම්මාන උළෙලේදී ලබාදිය යුතු සම්මාන වර්ගීකරණය කිරීම සහ එම සම්මාන ලබාදිය යුතු නිර්ණායක සකසා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ නිර්දේශ අනුව සම්මාන උළෙලේ ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවෙනු ඇත.
පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී ක්ෂේත්රයන්ට අදාළව 2015 වසරේදී සිදුකෙරුණු නිර්මාණ මෙම සම්මාන උළෙලේදී ඇගයිමට ලක් කෙරෙනු ඇත. මේ සඳහා මෙරට ක්‍රියාත්මක සියලූම මාධ්‍ය ආයතනයන්ට අයදුම් කළ හැකිය.
මාධ්‍ය ආයතන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.