රටපුරා පිහිටි සිනමා ශාලා 145 ඉතා ‍කෙටි කලකින් ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලි‍මේන්තු‍වේ දී පසුගියදා (සැප්.08)පැවසීය.

එහිදී එතුමන් කළ ප්‍රකාශය,

"‍ටෙලි නාට්‍ය කලාව ‍සෝදාපාළුවකට ලක්ව ති‍බෙනවා. අද වනවිට බරපතළ තත්ත්වයකට ලක්‍ ‍වෙලා. ඒ නිසා ‍‍ටෙලිනාට්‍ය පිළිබඳව පසුබෑමට ලක්ව ති‍බෙනවා. කිසිම ප්‍රමිතියකින් ‍තොරව ‍ටෙලි නාට්‍ය බිහි‍වෙනවා. ‍මේ රජය පැමිණි පසු රාජ්‍ය මාධ්‍ය‍යේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ‍ගෙන ති‍බෙනවා. ‍ටෙලි නාට්‍ය ප්‍රදර්ශන‍යේ දී කිසිඳු බලපෑමකින් ‍තොරව ස්වාධීන කමිටුවක් හරහා ‍මේ පියවර ‍ගෙන ති‍බෙනවා.

රාජ්‍ය මාධ්‍යයේ ‍ටෙලි නාට්‍ය ප්‍රදර්ශනය සම්බන්ධ‍යෙන් ‍ලොකු වි‍වේචන තිබුණා. අල්ලස් ‍දෙන්න සූදානම් වුණා. නමුත් ඒ තත්ත්වය නැති කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ‍ගෙන ති‍බෙනවා. අපි ඉදිරියටත් පිරිසිදු ක්‍රමයට ‍ටෙලිනාට්‍යවල ප්‍රමිතිය ඉහළ නංවන්න පියවයර ගන්නවා. ඒ ව‍ඟේම සිනමාව සම්බන්ධ‍යෙන් ද අවධානය ‍යොමුකර ති‍බෙනවා.

අලුත් නිර්මාණකරුවන්, ප්‍රවීනයන්ගේ නිර්මාණත් බිහි ‍වෙනවා. චිත්‍රපට ‍පෝලිම් ක්‍රමය ගැන අවධානය ‍යොමුව ති‍බෙනවා. චිත්‍රපට තුනක් එකවිට ‍ගෙන එන්නට පියවර ‍ගෙන ති‍බෙනවා. ‍මේ සියල්ලට විසඳුමක් ‍දෙන්න අපි කටයුතු කර ති‍බෙනවා. ඉතා ‍කෙටි කලකින් විසඳුමක් ‍දෙන්න ‍නොහැකි වුණත් ‍කෙ‍සේ ‍හෝ විසඳුම් ‍දෙන්න පියවර ගන්නවා. නවක නිර්මාණකරුවන්ගේ චිත්‍රපට රැසක් නිෂ්පාදනයට සූදානමින් ති‍බෙනවා. ඒවා ළඟදීම ප්‍රදර්ශනය ‍කෙ‍රෙනවා. සිනමා ශාලා ඩිජිටල්කරණය ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට හඳුනා‍ගෙන ති‍බෙනවා. ඒ ගැන විවිධ මත ති‍බෙනවා.

රටපුරා සිනමා ශාලා 145කන් අතරින් 40ක් ඩිජිටල්කරණය වී ති‍බෙනවා. වි‍ශේෂ‍යෙන්ම ගම්බද ප්‍ර‍දේශවල එය ඉතා ‍හෙමින් සිදු‍වෙනවා. ඇතැම්විට සිනමා ශාලා හිමියන්ට එය වියදම් කළ ‍නොහැකි තත්ත්වයක් වියහැක.

ඉතා ‍කෙටි කලකින් ලංකා‍වේ සිනමා ශාලා සියල්ල ඩිජිටල්කරණය කළයුතු ‍වෙනවා. හිමිකරුවන් ද ‍‍මේ සම්බන්ධ‍යෙන් අවධානය‍ ‍යොමුකර ති‍බෙනවා. ‍මේ ‍වෙනු‍වෙන් සහන ණය ක්‍රමයක් ලබාදීම සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමුකර ති‍බෙනවා. ප්‍රවේශපත්‍ර ගාස්තු‍වෙන් ඉතා සුළු මුදලක් ‍මේ ‍වෙනු‍වෙන් ‍වෙන්කරන්නට බලනවා. ‍කෙ‍සේ වුවත් සිනමා ශාලා ඉතා ‍කෙටිකලකින් ඩිජිටල්කරණය කරන්න අ‍පේක්ෂා කරනවා.

සිනමා පාසලක් ඇතිකිරීම සම්බන්ධ‍යෙන් දැනටමත් අවධානය ‍යොමුකර ති‍බෙනවා. දළුගම සරසවි චිත්‍රාගාරය පිහිටි ස්ථාන‍යේ ‍මේ සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමුකර ති‍බෙනවා. එවැනි සිනමා පාසලක් ඇති කරන්නේ නම් ප්‍රායෝගිකව පහසුවක් ‍වෙනවා. ළමා චිත්‍රපට ‍හොඳ නිෂ්පාදනයක් වන්නේ නම් ‍හොඳයි. ඇතැම් ඒවා දින සියය ඉක්මවා ප්‍රදර්ශනය ‍වෙනවා."