පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා වත්මන් කලා භාවිතය සම්බන්ධයෙන් පසුගියදා (සැප් 08) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පහත අදහස් දැක්වීම සිදු කළේය.

අපි ජීවත්වන යුග‍යේ කලාව පුහුණපාන ගැටලු ඉතාම බරපතළයි. ‍මේ යුග‍යේ කලාව මුහුණ ‍දෙන ප්‍රධාන ගැටලුව කලාව තුළින්ම ප්‍රති කලාවක් බිහිවීමයි. නාට්‍යයේ මූලික ගුණාංග උල්ලංගණය කර ති‍බෙනවා. ‍මේ තත්ත්වය ලංකා‍වේ පමණක් ‍නොව ‍ලෝක‍යේම දකින්නට පුළුවන්. ඒ සම්බන්ධ‍යෙන් සියලු ‍දෙනා සං‍වේගයට පත් ‍වෙනවා. අපිට කලාව ‍බේරා ගැනීම ‍වෙනු‍වෙන් වැඩපිළි‍වෙලක් අවශ්‍ය ‍වෙනවා. කලාව ඉවර වී නැහැ කලාත්මක කුසලතා සමාජ‍යෙන් ඉවත්ව ‍ගොස් ති‍බෙන බවට ඇතැමුන් පවසනවා. ‍මෙය බැරෑරුම් අර්බුදයක් ‍වෙනවා. ඒ නිසාම විසඳුම් ‍සෙවීම ද සංකීර්ණ වී ති‍බෙනවා. අද නාට්‍ය කලාව සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරන්න. අද නාට්‍ය කලා‍වේ මුහුණ ‍දෙන අර්බුද සම්බන්ධ‍යෙන් බලන්න.

රූපවාහිනිය ප්‍රති කලා‍වේ නි‍යෝජිතයා වශ‍යෙන් අද ‍පෙනී සිටිනවා. ‍මේ සම්බන්ධ‍යෙන් වි‍ශේෂ අවධානයක් ‍යොමු කළයුතු ‍වෙනවා. කලාව ආරක්ෂා කළයුතු ‍වෙනවා. රජයට ති‍බෙන වගකී‍මෙන් ගැල‍වෙන්න බැහැ. එම නිසා ඒ ප්‍රතිපත්ති‍යේ සිට චිත්‍රපට කර්මාන්තය මුහුණ ‍දෙන ගැටලු ද නිරාකරණය ‍වෙනු‍වෙන් ක්‍රියාමාර්ග ගතයුතු ‍වෙනවා. ‍ටෙලි නාට්‍ය විකාශනයේ දී වර්ගීකරණයකට එකඟ වියයුතු ‍වෙනවා. රාජ්‍ය නාලිකාවල පමණක් ‍නොව සමස්ත නාලිකා එක්කර‍ගෙන ප්‍රමිතියක් ඇති කර ගන්නට අපි අ‍පේක්ෂා කරනවා. යහපත් සම්මුතීන් නිර්මාණය කරන්න අපි බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍මේ ‍යෝජනා‍වේ සදහන් කරුණු සම්බන්ධ‍යෙන් ප්‍රතිපත්ති සහ ‍නෛතික තීරණ ගන්න බලනවා.