රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මුද්‍රණාලයාධිපතිනී ලෙස කටයුතු කළ ගංගානී කල්පනී ලියනගේ මහත්මිය රජයේ නව මුද්‍රණාලයාධිපතිනීය ලෙස පත්කර ඇත.

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ මුද්‍රණාලයාධිපති තනතුරට පත්කෙරුණු කාන්තාවක් පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. ගංගානී මහත්මිය මුද්‍රණ සේවයේ පළමු පන්තියේ අත්දැකීම් බහුල නිළධාරිනි‍යෙකි.