එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි
(John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
නිව්යෝක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා Loews Regency හෝටලයේදී අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත
ආචාර්ය රොහාන් පෙරේරා, වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් යන
මහත්වරුන් විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූහ.
එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිය අද සිට 23 වනදා දක්වා නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 21 වනදා සමුළුව ඇමතීමට නියමිතය. ජනාධිපතිතුමා ජනාධිපති
ධූරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙයයි.
ජනාධිපතිතුමා, ජගත් සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙන විවෘත රාජ්‍ය සම්බන්ධතා පිලිබඳ වැඩසටහනක දී අදහස් දැක්වීමට ද නියමිතය.
මෙම සැසිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcom Turnbull, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් (Ban Ki-moon), ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී
(John Kerry), විදේශ කටයුතු ඉන්දීය රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර් (M.J. Akbar), නේපාල අග්‍රාමාත්‍ය Pushpa Kamal Dahal, ලෝක ආර්ථික සමුළුවේ සභාපති මහාචාර්ය
Klaus Schwab සහ සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ සභාපති Dana J Hude මහත්වරුන් සමග ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී ආරම්භ කෙරන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 71 වන සැසි වාරය තුළ “අපේ ලෝකය වෙනස් කිරීමට විශ්වීය ජවයක්” යන තේමාව යටතේ රාජ්‍ය නායකයින්
අදහස් දැක්වීමට නියමිතය.
එමෙන්ම ඇමරිකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිලිබඳ සමුළුවක් ද මෙවර මහ මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වීමට නියමිතය. මෙහි ප්‍රධානත්වය
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් දරනු ලබයි.
ජනාධිපතිතුමා සමග අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, නිමල් සිරිපාල ද සිල්වා, අර්ජුණ රණතුංග, ෆයිසර් මුස්තාෆා , නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා,
එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා, තානාපති ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වෙති.