ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය නිමිත්තෙන් සැප්තැම්බර් 28 සහ 29 දින දෙකේදී පැවැත්වෙන සම්මන්ත්‍රණය අවසානයේදී සකස් කෙරෙන ප්රකාශනයෙන් මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට සහ ඉදිරි මාධ්‍ය ප්‍රතිසංස්කරණ දියත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කරන ලදි.
මේ ඉදිරි වැඩපිළිවෙළ යටතේ ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බවත් මේ සියලු ප්‍රතිසංස්කරණ, මේ රටේ මහජනතාව ශක්තිමත් වීම සිදුවන බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
හෙට සහ අනිද්දා (28 සහ 29) දින දෙකේදී පැවැත්වෙන සම්මන්ත්‍රණයේ තේමාව zතොරතුරු දැන ගැනීම සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණZ යන්නයි. මෙම සම්මන්ත්‍රණයට කලාපීය හා ජාත්‍යන්තර තලයේ විද්වතුන් විසිදෙනකු පමණ සහභාගි වන බව ද මේ හරහා ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.
ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් හෙට (28 දා) උදේ 9.00 ට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන බවත්, මේ සම්මන්ත්‍රණය හරහා මතුවන වැදගත් කරුණු හා අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු පනත කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් ලබාදීම සඳහා ජනමාධ්‍ය ඇකඩමියක් පිහිටුවීමට පියවර ගන්නා බව, ජනමාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය බව හා ඇතැම් ජනමාධ්‍යවේදීන් කටයුතු කරන ආකාරය අනුව එය පැහැදිලි බව ද ඇමැතිවරයා පැවසීය.
මේ අනුව එම ඇකඩමිය ස්ථාපිත කිරීම සඳහා කමිටුවක් පත් කර වාර්තාවක් ලබා ගැනීමට අදහස් කරන බවද එම වාර්තාවේ නිර්දේශ අනුව එම ආයතනය පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවද ජනමාධ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.