පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සයවන වරටත් සංවිධානය කරනු ලබන ඇසිදිසි ක්‍රිකට් ශූරතා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2016 සැප්තැම්බර් 30 වන දින පෙ.ව. 8.30ට කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට සියලූ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වීමට නියමිතය.

මාධ්‍ය ආයතන අතර මිත්‍රත්වය සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරිව ක්‍රිකට් සැණකෙලියක් ලෙස වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සදහා මාධ්‍යවේදීන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 32ක්ද කාන්තා කණ්ඩායම් 12ක්ද තර ඟ වැදීමට නියමිතය. මෙම තරඟාවලිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 02 දක්වා පැවැත්වේ.