තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ සතියේදී ආරම්භ කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති,සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මැතිතුමා ප්‍රකාශ කළේය.
මෙරට ජ්‍යෙෂ්ඨ සිවිල් නිළධාරියෙකු වන පියතිස්ස රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මෙහෙයුම් මධ්‍යස්ථානය ආරම්භ කරන බවත් මේ මස අවසාන වනවිටදී අදාල ආයතනවල තොරතුරුනිළධාරීන්ගේ ලැයිස්තුව ලබාගෙන ඔවුන් පුහුණු කිරීමේ කටයුතු ලබන මසදී ආරම්භ කරන බවත් ඇමතිවරයා පැවසුවේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් පසුගියදා පැවති සම්මණ්ත්‍රණයේදී සාකච්ජාවට ලක්කළ කරුණු සම්බන්ධයෙන් සාකච්ජා පත්‍රිකාවක් මේ සතිය අවසන් වනවිට සමස්ත සමාජයේම අවධානය පිණිස නිකුත් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. විකාශන මාධ්‍ය නියාමනය සහ ජනමාධ්‍ය ඇකඩමිය සම්බන්ධයෙන්ද මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ජාවට බඳුන් කළ බවද මෙහිදී සඳහන් කෙරිණ. ප්රවෘත්ති වාර්තාකරණයේ ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමටද මෙහිදී තිරණය කර ඇත. සම්මන්ත්‍රණයේදී ලබාගත් දැනුම හා අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරි කාලය තුළදී තොරතුරු දැන ගැනීමේ පනත සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.