ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව ඊයේ (16) ගෝවා හි ටාජ් එක්ස්සෝටිකා හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන බි්රක්ස් – බිම්ස්ටෙක් (BRICS – BIMSTEC) සමගාමී සමුළුවට පැමිණීම තමාට, ඉන්දියාවට මෙන්ම බිම්ස්ටෙක් (BIMSTEC) කලාපයට ද විශාල ශක්තියක් බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වෙත මේ අවස්ථාවේදී සාර්ක් කලාපයේ සුවිශේෂී භූමිකාවක් හිමි බව සඳහන් කළ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සම්මුතීන් හා රීතීන් වලින් එපිටට ගිය ගැඹුරු සබැඳියාවක් වෙනුවෙන් ලංකාවට ආරාධනා කරන බව ද සඳහන් කළේය.
(BRICS – BIMSTEC) සමුළුව වෙත තමාට කරන ලද ආරාධනය පිළිබඳ තම ස්තූතිය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වන දීර්ඝකාලීන මිතුදම එයින් තවත් ශක්තිමත් වන බව සඳහන් කළේය. ඉන්දියාව, අසීරු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට උදව් කළ බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කර සිටියේය.