ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනැමෙන ඇසිදිසි ශිෂ්‍යත්ව සඳහා 2016 වර්ෂය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 24 සහ 25 දෙදින තුළ පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එක් මාධ්‍යවේදියෙක් සදහා පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල රු.100,000 කි. ඇසිදිසි ශිෂ්‍යත්ව සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සමගාමීව ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට සහනදායී ණය පහසුකම් සැලසීම වෙනුවෙන්ද සම්මුඛ පරීක්ෂණ මෙම දෙදින තුළ පැවැත්වෙයි. මෙහිදී පිරිනැමෙන ණය මුදල රු.100,00 කි. මෙම ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව සමග ඒකාබද්ධව සිදු කෙරේ.