තොරතුරු දැනගැනීමේ පනත එළැඹෙන වසරේ පෙබරවාරි 04 දා සිට ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා 26 දා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී පැවසීය. අගෝස්තු 04 දා මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණ. ඒ අනුව එකී පනත ක්‍රියාත්මක කිරීම සඳහා මාස 06ක කාලයක් ලබා දී ඇති බවත් ඒ අනුව මේ දිනවල පනත ක්‍රියාත්මක කිරීමට අදාළ සෙසු කාරණා සම්පූර්ණ කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.