තොරතුරු දැනගැනීමේ පනත සමහර රටවල සම්මත වුණත් ක්‍රියාත්මක වෙන්න අවුරුඳු ගණනක් යන බවත් කෙටි කාලයක් ඇතුළත අපේ රටේ මේ පනත ක්‍රියාත්මක කරන්න හැකි වෙතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව පැවත් වු වැඩමුළුවේ දීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය.
දැන් සියලූ තොරතුරු නිලධාරීන් හඳුනා ගැනීමේ කටයුතු සිදු කරගෙන යනවා. රාජ්‍ය ආයතන හාරදහසකට පමණ නිලධාරීන් පත් කරන්න තිබෙනවා. අටදාස් ගණනක් පුහුණු කරන්න තියෙනවා. ඊට පස්සේ ටික කලක් යනවිට මෙයට නිකම්ම හැඩ ගැසෙයි.
තාම නිලධාරීන් මෙ සම්බන්ධයෙන් දැනුවත්වීම අඩුයි.
සමහර වේලාවට තොරතුරු දැන ගැනීමේ පනත ගේනවා කියු කාලයේ රටේ මතයක් තිබුණා මෙක මාධ්‍යවේදින් සඳහා ගේන එකක් කියලා. ඇත්තෙන්ම මෙක ගෙනෙන්නේ මාධ්‍යවේදීන්ට නොවෙයි. රටේ ම පුරවැසියන්ටයි.
හැබැයි මාධ්‍යවේදින්ටත් මෙකේ ලොකු අයිතියක් තියෙනවා. මින් පස්සේ හැම පොලිසියකටම හැම දිසාපති කාර්යාලයකටම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තොරතුරු ලබා දීමට නිලධාරියෙක් සිටිනවා. ඔවුන් වගකීමක් ඇතිව දින දාහතරක් ඇතුළත තොරතුරත් ලබා දෙන්න ඔනෑ.
මාධ්‍යවේදියා වෙනුවෙන් නොවුණත් මෙ පනතින් මාධ්‍යවේදින්ටත් විශාල ප්‍රයෝජනයක් අත් වෙනවා. අවුහුලා ගත්ත ප්‍රවෘත්ති ලියන්න ඔනෑ නැහැ. ආරංච්චි මාර්ග එපා. නිකම් හිතලා තමන්ගේ මතය ප්‍රකාශ කරලා ජනතාවට අසත්‍ය කරුණු වාර්තා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හරියටම දැනගෙන ලිඛිතව ගත්ත තොරතුරුවලින් ජනතාව දැනුවත් කරන්න පුවවන්.
ගවේෂණාත්මක මාධ්‍යකරණයක නිරත වෙන මාධ්‍යවේදීන්ට මෙය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ තොරතුරු දැන ගැනිමේ පනත අපේ රටේ දිර්ඝ කාලයක් කතා බහට ලක් වෙමින් තිබුණා. මම අහලා තියෙන විදිහට කෑගල්ල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් වු ධර්මසිරි සේනානායක මහතා තමයි මුලින්ම මෙ ගැන කතා බහක් ඇති කර තියෙන්නේ.
අපි ඒ අනුව මෙ පතත හිතුවාට වඩා ටික කලක් අරන් සකස් කළා. ඊට පස්සේ අපි ආණ්ඩුවක් පිහිටවලා අවුරුද්දක් යන්නත් පෙර පාර්ලිමේන්තුවේ දී සම්මතකර ගන්නට ගියා. සාමන්‍යයෙන් ආණ්ඩුවක් ආපු ගමන් මෙ වාගේ පනතක් ගේන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ආණ්ඩුවක අවසානය වෙනවිට තමයි මේ වාගේ පනත් ගෙන එන්නේ. නමුත් අපේ ආණ්ඩව බලයට පත් වෙච්ච ගමන් කල්පනා කළා විනිවිද භාවයෙන් වැඩ කරන්න. රටේ නාස්තිය දුෂණය අවම කරන්න.
මේ වාගේ පනතක් ක්‍රියාත්මක වෙන කොට ආණ්ඩුවක් විදුරු කුටියකට ගියා වාගේ තමයි. මෙ පනත ගෙන ඒම සාමන්‍යයෙන් ආණ්ඩුවක් කැමත්ත නොදක්වන කාරණයක් වුවත් අපේ රටේ විශේෂ උනන්දුව දැක්වූවා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මතකර ගන්න. දැන් මේ පනත ක්‍රියාත්මක වෙනවිට පුරවැසියන්ට විශාල අයිතියක් ලැබෙනවා.
දකුණු අසියාවේ හොඳම පනත අපිට ගේන්න පුළුවන් වුණා. අල්ලපු ඉන්දියාව හැරුණු විට හොඳම පනත තියෙන්නේ අපි ගාවයි. අපේ ව්‍යවස්ථාවේ තියෙන පොඩි බාධකය මඟ හැරුණානම් ඉන්දියාවටත් වඩා ඉහළට අපිට මෙක ගෙන යන්න තිබුණා. නමුත් ඒ වගන්තියේ ප්‍රශ්නයක් නිසා අපි දකුණු අසියාවෙන් දෙවැනි තැනට ඉන්නවා .