තායිලන්තයේ භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (30) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තය බලා පිටත්ව ගියේය.

මල් කළඹක් තැන්පත් කර භුමිබෝල් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

වසර 70 ක් තායිලන්තයේ සිහසුන හෙබවූ භුමිභෝල් රජු පසුගිය 13 දා අභාවප්‍රාප්ත වූ අතර තායිලන්ත රජය ඒ වෙනුවෙන් දින 100 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට ලොව සිවු දෙසින් පැමිණෙන රාජ්‍ය නායකයෝ තායිලන්ත රජුගේ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටිති.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තායිලන්ත රජුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේම යළි දිවයිනට පැමිණියේය.