ජනමාධ්‍ය දිනයට සමගාමීව පාසල් මට්ටමින් ජනමාධ්‍ය කව, ජනමාධ්‍ය සංසද විසින් විවිධ වැඩසයහන් සංවිධානය කර තිබිණි.

එහි එක් වැඩසටහනක් මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් පසුගියදා පැවැත්වූ අතර ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.​​

"අස්න 2015" සම්සථ ලංකා පාසල් ජනමාධ්‍ය සම්මාන උළෙල ලෙස පැවති මෙම උළෙල අතරතුරදී විද්‍යාලයේ විදුහල්පති ධම්පිය වනසිංහ මහතා විසින් ඇමති ගයන්ත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඉටුකල මෙහෙවර අගයමින් සම්මානයක් ප්‍රධානය කිරීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්වූහ.