ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
ඩොන්ල්ඞ් ට්‍රම්ප් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලබන ජනවාරී මාසයේ එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ධූරයේ කටයුතු භාරගත් පසු දෙරට අතර සබඳතා වඩා උසස් අදියරකට ගෙන යාම සඳහා පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා අපේක්ෂාවෙන් පසු වන බවයි.
ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.
"ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතීතයේ පටන් ශක්තිමත් ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් හා පොදු අගයන්ගෙන් බැඳි සිටිති.
2015 ජනාධිපතිවරණයෙන් මා ජනාධිපති ධූරයට පත්ව, සම්මුතිවාදී රජය පිහිටවූ පසු ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩාත් ශක්තිමත් අදියරකට පත් විය.
මෙම ශක්තිමත් සබඳතා පිළිබඳ ආඩම්බර වන මම සහ මගේ රජය, ඔබතුමාගේ ජයග්‍රහණය සමග පත්වන නව රජය යටතේ එම ද්විපාර්ශවීය සබඳතා හා මිත්‍රත්වය තවදුරටත් පුළුල් වනු ඇති බව විශ්වාස කරමි.
ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත විශාල ජනතාවක් එක්සත් ජනපදයේ වෙසෙන අතර ඔවුන්ගෙන් දෙරටේ ජනතාව අතර බැඳිම් සවිමත් කර ගැනීමට මෙන්ම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට විශාල සේවයක් සිදුවන බව ද සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබතුමා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ද පෞද්ගලිකව මාගේ ද උණුසුම් සුබපැතුම් පළ කරමි."
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරැති සමීප සබඳතා තව තවත් තහවුරු හා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ට්‍රම්ප් මහතාට ශුභාශිංසන පිරිනමමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ජනතාවට විප්ලවකාරි වෙනසක් අවශ්‍ය බව මේ ජයග්‍රහණයත් සමඟම සනාථ වූ බවය.
දේශපාලනඥයකු නොවන, ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධිය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම පක්ෂයේ දේශපාලනඥයන් පරාජය කර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාගත් බවත්, ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් මහතාට අවාසිදායක තත්ත්වයන් බොහොමයක් තිබුණු බවත් පෙන්වාදුන් අගමැතිවරයා ඒ පසුබිම මත ට්‍රම්ප් මහතා ලබාගත් ජයග්‍රහණය සුවිශේෂී එකක් බව ද අවධාරණය කළේය.