මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සහ අධ්‍යාපනික ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම සුබසාධනය උදෙසා විවිධ විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වසර ගණනාවක සිට විවිධ පියවරයන් ගෙන තිබේ.
ජනමාධ්‍යවේදීන් උදෙසා සිදුකෙරෙන මෙම මෙහෙවර වඩාත් කාර්යක්ෂමව සහ නිරවද්යබාවයකින් සිදුකිරීම සඳහා විවිධ මාධ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු සියලූ ජනමාධ්‍යවේදීන්ගේ සහ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරු ඇතුළත් විධිමත් දත්ත ගබඩාවක් ගොඩ නැගීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතී.
එකී අවශ්‍යතාවය සපුරාලනු වස් මෙම දත්ත ගබඩාව ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය ආයතනයන්ට අනුබද්ධිතව සේවය කරන දිවයිනේ සියලූ ජනමාධ්‍යවේදීන්ගේ සහ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරු එක් රැස් කෙරෙන අතර එය ජනමාධ්‍යවේදීන් පිළිබඳව සිදුකෙරෙන විධිමත් සංගණනයක් ලෙසද හඳුන්වා දීමට පුළුවන.