මාධ්‍ය ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දුන්නත් මාධ්‍යවේදීන්ට පහරදී නෑ - අගමැති
මාධ්‍ය මඟින් ප්‍රහාර එල්ල කරද්දී ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රතිප්‍රහාර එල්ල කළත් කිසිදු මාධ්‍යවේදියෙකු පැහැරගෙන යෑමට, හමුදාව යොදා ප්‍රහාර එල්ල කිරීමට,හෝ උස්සාගෙන ගොස් මරාදැමීමට කටයුතු කර නොමැති බවත් තමන් පැවසූ කිසිදු දෙයක් ඉවත් කර නොගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.
මාධ්‍ය මඟින් ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී එයට පිළිතුරු දී ප්‍රති ප්‍රහාර එල්ල කරනවා හැර මාධ්‍ය ආයතන ගිනි තැබීමට හෝ මාධ්‍ය ආයතන වලට පහරදීමට කටයුතු කර නොමැති බවත් අවධාරණය කළ අගමැතිවරයා මේ සියල්ල දෙස බලා සිටින අය නිවැරදි කව්රුන්ද යන්න තීරණය කරනු ඇති බවත් පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගී වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-
මම මාධ්‍ය මර්දනය කර නැහැ. ඩේලි මිරර් ගිනි තියන්න මට බැහැ. එය මගේ මාමාගේ දේපළක්. ඒ නිසා උස්සගෙන යන්නත් බැහැ. මට බණිනවා සිරසෙන්. කිලී මහරාජා මඟේ පරණ යාළුවෙක්. නමුත් මට බණිනවා. එම ආයතනය එක්තරා අවස්ථාවක ගිනි තිබ්බා. මේ අය ගැන අපිත් කතාකර තිබෙනවා. මාධ්‍ය වෙනුවෙන් මම කතා කර තිබෙනවා. ඒ වෙනුවෙන් කතා කරන්න මට අයිතියක් තිබෙනවා. මෙතැන විශේෂයෙන්ම තමන් දැනගත යුතුයි අනෙක් අයගේ ස්ථාවරය. ඔය පත්තරේ ජාතිවාදය සම්බන්ධයෙන් තකා කළා. මාධ්‍ය අපිට පහර ගසනවා නම් අපිත් සිතා බලනවා. එදා අපෙන් අහන විට අපිත් ඇසුවා. ඒ අයත් ගහනවා. අපිත් ගහනවා. අන්තිමේ දී රට යමක් සිතාගනියි. දෙරණ මාධ්‍ය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා හෝ මම මාධ්‍ය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ.