ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්වෙන සරසවිය සිනමා උළෙලට පූර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතිය අද (5) සවස 6.00ට කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සරසවිය සම්මාන ඉතිහාසයේ මුල්ම හොඳම නිළිය පුණ්‍යා හීන්දෙනිය මහත්මිය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා සහභාගීවේ.
අද (5) තිරගත වනුයේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ මහරජ ගැමුණු චිත්‍රපටයයි. ජැක්සන් ඇන්තනී, උද්දික ප්‍රේමරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, රෙබෙකා නිර්මාලී, තාරකා වන්නිආරච්චි, උපාලි තිලකරත්න, සාරංග දිසාසේකර, ජගත් මනුවර්ණ, අර්ජුන කමලනාත් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති. හෙට (6) තිරගතවීමට නියමිතව ඇත්තේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ බොර දිය පොකුණ චිත්‍රපටයයි.