සරසවිය සිනමා උළෙලට පූර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතිය ඊයේ (5) සවස 6.00ට කොළඹ රීගල් සිනමාහලේදී පුන්‍යා හීන්දෙනිය මහත්මියගේ හා ජනමාධ්‍ය ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමාරම්භක චිත්‍රපටය ලෙස මහරජ ගැමුණු චිත්‍රපටය තිරගත වූ අතර මේ අවස්ථාව සඳහා ජයන්ත චන්ද්‍රසිරි, ලේක්හවුස් කකෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, ගුණපාල රත්නසේකර, උද්දික ප්‍රේමරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, යශෝධා විමලධර්ම ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී විය.