තොරතුරු දැන ගැනීමේ පනත ක්රියාත්මක කිරීමට පත් කරන ලද කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් විසින් පත් කරනු ලැබ ඇත.
විශ්රාමික විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් සහ ආචාර්ය සෙල්වී තීරුචන්ද්රන් යන මහත්වරුන් මෙසේ සෙසු සාමාජිකයන් දෙදෙනා ලෙස පත්කරනු ලැබූවන්ය.
මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වන නීතීඥ එස් ජී පුංචිහේවා සහ නීතීඥ ක්රිශාලි පින්ටෝ ජයවර්ධන මීට පෙර පත් කරනු ලැබීය.
කොමිසමට පත් කරනු ලැබූ නව සාමාජිකයන් දෙදෙනාද වැඩ බාර ගත් පසු පෙබරවාරි හතර වැනිදා සිට පනත බලාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇත.