අද රටට අවශ්‍ය වන්නේ බලයේ සිටින අය බලය තහවුරු කර ගැනීමට හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩකිරීම නොව සියලු දෙනා සහෝදරත්වයකින්, බැඳීමකින් සහ මනා විනයකින් යුතුව රට ගොඩනැ`ගීමට එක්වීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස, තිරසර යුගයක දැක්ම, එළිදැක්වීමේ ජාතික උත්සවය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම වසර රටේ දිළිදුකම පිටුදැකීමේ වසර ලෙස රජය නම් කර තිබෙන අතර දිළිඳුකම පිටුදැකීම සඳහා වන රජයේ දැක්ම අනුව සහ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකය.

2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ ගමන්මග පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම ද මේ හා සමගාමීව ආරම්භ කෙරේ. 2030 තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් සම්බන්ධයෙන් වන ක්ෂේත‍්‍ර 17 ක  ප‍්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් මගින් ජාතික ප‍්‍රතිපත්තිය සකස් කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2017 වසර අප රටක් ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත්විය යුතු වසර බවයි. ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීමට මෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගතයුතු සෑම පියවරක්ම මෙම වසර තුළ ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා මෙරට දේශීය කර්මාන්ත සහ කෘෂි ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යමින් අපනයන අදායම් වර්ධනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළ රැසක් කි‍්‍රයාත්මක කරන බවද පැවසීය.

ස්වභාවික සම්පත් සුරක්ෂිත කරමින් සහ පෝෂණය කරමින් තිරසර සංවර්ධන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අප ගමන් කළයුතු අතර මිනිසාට සේම  භූමියේ උරුමය ලබන සෑම කෙනෙකුටම  භූමියේ අයිතිය තහවුරු විය යුතුය යන්න එදා මිහිදු මහ රහතන් වහන්සේ සිදු කළ ශ්‍රේෂ්ඨ වදන එදා සේම අදටත්, හෙටත් විශිෂ්ට ලෙස වලංගු බව ද කියා සිටියේය.

තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේදී ජාතික සංහිඳියාව  ඉතා වැදගත් බවද සඳහන් කළ ජනාධිපතිතුමා සෑමවිටම අපේ රට  ගොඩනැගිය හැක්කේ ජාතින් අතර පවතින සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය තහවුරු කිරීම තුළින් බවද කියා සිටියේය.

නව වසරක උදාව සමග රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ඉතා සුව්ශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මෙහිදි සිය සතුට පළ කළ ජනාධිපතිතුමා දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරින් ආගමික නායකයින් ඇතුළුසමාජයේ සියලූදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බව ද කියා සිටියේය.

තිරසර යුගයක දැක්ම ප‍්‍රකාශයට පත් කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අනතුරුව 2030 තිරසර දැක්ම ලේඛනගත කිරීමේ විශේෂඥ කමිටුවේ සාමාජික මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා වෙත එය ජනාධිපතිතුමා අතින් ලබාදෙනු ලැබීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළුමැති ඇමතිවරුන් ද, අගවිනිසුරු ශී‍්‍ර පවන් මහතා ද, විදේශ තානාපතිවරුන්, ජාත්‍යන්තර නියෝජිතයින් සහ අචාර්ය, මහාචාර්යවරුන් ඇතුළුවිද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තිරසර යුගයක් සඳහා දැක්ම එළිදැක්වීමේ උත්සවයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතමා කළ කථාව ( 2017-01-02 ජනාධිපති කාර්යාලය)

මම ඉතාමත් සතුටු වෙනවා 2017 නව වසර උදාවීමත් සමඟම ශීරනාධ ලංකා ජන රජය විදියට මේ රටේ අනාගතය පිළිබඳව, ජාතියේ අනාගතය සඳහා අද ජීවත්වන වගේම හෙට උපදින දරුවන් සඳහා අත්යාඳවශ්ය වූ විෂය ක්ෂේතරඳ2 යක් පදනම් කරගෙන නව වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් පර අ කාශයට පත් කිරීමට ආරම්භයක් තබන අවස්ථාවේ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව.

 මෙම වැදගත් අවස්ථාවට සහභාගීවන ගෞරවනීය මහා සංඝරත්නය පරම්භමුඛ සියලු පූජකතුමන්ලා ඇතුළුඔබ සියලුදෙනාට මගේ ගෞරව පූර්වක ස්තුතිය පිරිනමනවා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් තිබෙන්නා වූ මනුෂ්යෙත්වයේ බැඳීම් තුළ ලෝකය ගමන් කරන්නා වූ යහපත් දිශාවන්වලදී ශීර්නා ලංකාව රටක් වශයෙන්, අපට සුදුසු දේ තෝරාගෙන අප විසින් කළයුතු යුතුකම් ඉටු කරමින් අපේ ගමන් මග සකස් කරගත යුතු වෙනවා.

    අපිට වසර දහස් ගණනක ඉතාමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. මිහිදු මහරතන් වහන්සේ ශීරහස ලංකාවට බුදු දහම වැඩම කරවු අවස්ථාවේ එවකට මේ මාතෘ භූමියේ රජකම් කළ සිටි දෙවැනි පෑතිස් මහරජතුමාට මිහිදු මහ රහතන් වහන්සේ කළ දේශනයේ තිබූ උතුම් වූ වදනක් පිළිබඳ ඔබ අප කාගේත් මතකයේ තිබෙනවා. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළා මහරජ ඔබ මේ භූමියේ රජ වුවත් ඔබට මේ භූමියේ අයිතියක් නැහැ. ඔබ මේ භුමියේ භාරකරුවෙක් පමණයි. ඒ භාරකාරත්වය තුළ සෑමවිටම අද දවසේ ජීවත්වන මිනිසුන්ට වගේම මේ භූමියේ උරුමය ලබන සෑම කෙනෙකුටම මේ භූමියේ අයිතිය තහවුරු විය යුතුයි කියලා. එම ශ්‍රේෂ්ඨ වදන අපට එදා වගේම අදත්, හෙටත් වලංගුයි.

අද පරයිතධාන වශයෙන්ම කථා කරන තිරසර සංවර්ධනය වචන දෙකක්. එහෙත් මේ වචන දෙක තුළ ඇත්තේ ඉතාම පරධානබල වූ අර්ථයක්. එය කොතෙක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළත් අවසන් නොවන සාකච්ඡාවක්. ඒ පිළිබඳව ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් සකස් කරන්නා වූ වැඩසටහන් සීමාවක් නොමැති අසීමිත වූ වැඩසටහන්. එක්සත් ජාතින්ගේ සංවිධානය මේ සඳහා පරි අමුඛත්වය දෙමින් තිරසර සංවර්ධනය සඳහා විශේෂ සමුළු, විශේෂ සැසිවාර, විශේෂ සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බව ඔබ අපි දන්නවා. ඒ බොහෝ අවස්ථාවලට ලෝකයේ සියලුම රාජ්යි නායකයින්, විවිධ ක්ෂේතරත්වවල පරත් වීණයින් කැඳවා මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන විද්වතුන්, පරිණතයින්, ප`ඩිවරුන් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කරමින් ජාත්ය න්තර වැඩපිළිවෙළ පරිප කාශයට පත් කළා. එක්සත් ජාතින්ගේ වැඩසටහනේ සාමාජිකත්වය දරන ලෝකයේ සෑම රටක්ම ඊට එක්වීමට බැ`දි සිටිනවා. ඒ වගේම තමයි ලෝකයේ සියලු රටවල් එම එකඟතාවයන් අනුව කටයුතු කරනවා. තමාගේ රටට ගැළපෙන පරයෑමධාන වශයෙන් ගෝලීය දැක්ම, දර්ශනය පිළිබඳ අවධානය යොමු කරමින් ඒවා අධ්යැයනය කරමින් තමාගේ රටට ගැළපෙන චින්තනයන් ඒ අන්තර්ජාතික දැක්ම සහ සැලසුම් තමාට සුදුසු ආකාරයට සකස් කර ගැනීම අත්‍යාවශ්‍යම වෙනවා.

 ඒ නිසා අපි සෑම කෙනෙක්ම අපේ රට වෙනුවෙන් ඒ ගෝලීය දැක්ම ජාත්යනන්තර පරශ්යඥප්තීන් තුළ එන එම වැඩපිළිවෙළ අධ්‍යයනය කරනවා වගේම, ඒවා සමග කටයුතු කරනවා වගේම ඊට අවශ්‍යම එකඟතාවයන් තුළ දේශිය වශයෙන් අපිට ගැළපෙන වැඩසටහන් සකස්කරතග යුතු වෙනවා. 2030 එක්සත් ජාතින්ගේ සංවිධානය ඉලක්ක කර ඇති වැඩසටහන් අපේ රටවල්වලට ගැළපෙන ආකාරයට අපි සකස්කරගත යුතු වෙනවා. එය අවුරුදු පහෙන්, පහට යන වැඩසටහනක් ද, දහයෙන් දහයට වැඩසටහනක් යන්න අපේ විශේෂඥ කමිටු සහ දේශපාලන නායකත්වයන් වගේම අදාළ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් සාකච්ඡා කරමින් එම වැඩසටහන් සකසා ගැනීම ඉතා උචිත වෙනවා.

ඒ නිසා අපිට රටක් විදියට අපේ වගකීම සහ යුතුකම් ඉටු කරමින් අපේ ඉලක්ක කරා යා යුතු වෙනවා. ඒ ඉලක්ක කරා යාමේදී මූලික ලෙසම අපි කවුරුත් දන්නා පරිදි ඒ වැඩසටහන් තුළ තිබෙන සැලසුම් තුළ ස්වභාවික සම්පත් සංරක්ෂණය, පෝෂණය, වර්ධනය සඳහා අපි පර් තමුඛතාවය දිය යුතු වෙනවා.

 තිරසර සංවර්ධනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ස්වභාවික සම්පත් පෝෂණය කරමින්, ආරක්ෂා කරමින්, සුරක්ෂිත කරමින්, වර්ධනය කරමින් භෞතික සම්පත් සංවර්ධනය කරා යන්නේ කෙසේද කියන අභියෝගයට අපි වගේම ලෝකයේ සියලුම රටවල් මුහුණ දීලා තිබෙනවා.

    අපි දන්නවා අද කාබන් දහනය කරන රටවල් අතර පරි වබල රටවල් ඉදිරියෙන් සිටිනවා. කාබන් දහනය නිසා ඇති වී තිබෙන වායු ගෝලීය විෂමතාවයන් අද බරපතල පරිය ශ්නයක් බවට පත්වී තිබෙන බව අපි දන්නවා. එය මිනිසාගේ පැවැත්ම පමණක් නොව සියලු සත්වයාගේ ගහ,කොළ,ඇල, දොළ ස්වභාවික සම්පත් සියල්ලෙහි පැවැත්ම සඳහා බරපතළ අභියෝගයක් වී තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මූලික වශයෙන්ම අපේ සංවර්ධන කාර්යයන්වලදි මූලික වශයෙන්ම කෘෂිකාර්මික සංවර්ධනය, අපේ දේශීය සම්පරංවරදායන්, සිරිත්, විරිත් සමග කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණය, නව සොයා ගැනීම්, නව පර්යේෂණ සමග අපි අපේ කාෂිකර්මාන්ත නිෂ්පාදනවල පරක සමුඛතාවය සඳහා තිරසර සංවර්ධන වැඩපිළිවෙළ පරේ කමුඛව සකස් කර ගැනීමේ අවශ්යුතාවය තිබෙනවා.

ඒ වගේම තමයි දේශීය කර්මාන්ත සංවර්ධනය, කාර්මිකකරණය. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයින්ගේ අත්දැකීම් සමග කාර්මිකකරණය, දේශීය කර්මාන්ත දියුණු කිරීම, එක් පැත්තකින් දේශීය සම්පත් සහ දේශීය ආයෝජන, තවත් පැත්තකින් විදේශීය ආයෝජන සහ විදේශීය සම්පත් මේ අංශ දෙකම එක් කරමින් භෞතික සම්පත් සංවර්ධනය සිදු කිරීමේදී කාර්මිකකරණය තුළ මූලික වශයෙන් තිරසර සංවර්ධන පරසංවතිපත්ති, එකඟතාවයන් තුළ අපි කටයුතු කිරීම අත්යා වශ්ය වෙනවා.

එම එකඟතාවයන් තුළ කටයුතු කිරීමේදී අපි පරතිපධාන වශයෙන්ම මුහුණදිය යුතු විවිධ ගැටලු සහ අභියෝග තිබෙන බව අපි දන්නවා. බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරන, කථා කරන කරුණුවලදි අපි පරග තමුඛත්වය දිය යුතු අංශ ගණනාවක් පිළිබඳ ඔබ දන්නවා. ඒ පරා මුඛත්වය දිය යුතු කරුණුවලදි තිරසර සංවර්ධනයේදී තිරසර ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා දිළිදුකම පිටුදැකීම පරලදිමුඛතාවයක්.

    මේ 2017 වර්ෂය දිළිදුකම පිටුදැකීමේ වසර ලෙස අපි පරතාවකාශයට පත් කළේ මීට මාස 06 කට පෙර. ඒ දිළිදුකම පිටුදැකීමේ කාර්යයේදී එම වගකීම පැවරෙන්නේ අමාත්යාංමශ නැත්නම් ආයතන කිහිපයකට පමණක් නොවේ. එය සියලු අංශ හරහා විහිදී යනවා. දිළිදුකම පිටුදැකීමේ වසරේදී මූලික වශයෙන්ම ආධ්යායත්මික වටිනාකම් වැඩිදියුණු කර ගැනීම අවශ්යැ වෙනවා. රට තුළ තිබෙන ආදායම් විෂමතාවයන් අවම කිරීම සඳහා සම්පත් වඩ වඩා තිබෙන මිනිසා සම්පත් අඩුවෙන් තිබෙන මිනිසා වෙත මිනිසුන් විදියට, මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා ආයෝජනය කරන්නේ කෙසේද, පරිත්යාමග කරන්නේ කෙසේද කියන කාරණාව ආධ්යාසත්මික දර්ශනයන් තුළ තමයි වඩාත්ම ගැබ්වී තිබෙන්නේ.

 බුදුන් වහන්සේ බෞද්ධ දර්ශනය තුළ පරර්ශධාන වශයෙන්ම මිනිසාගේ ආදායම් පිළිබඳ, ජීවත්වීම පිළිබඳව ජීවන රටාව පිළිබඳ තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉතා පැහැදිළිව සඳහන් කරලා තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ තිරසර සංවර්ධනය ලෝකයට ඉතා පැහැදිළිව පෙන්නුම් කරලා තිබෙනවා. ඒ වගේම අනෙකුත් හින්දු, කතෝලික, ඉස්ලාම් ආගම් තුළත් අපි දන්නවා ඒ ආගමික දර්ශන තුළ මෙය ඉතා පැහැදිළිව තිබෙනවා. ඒ නිසා අපි දිළිදුකම පිටුදැකීමේ කාර්යයේදී අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී අපේ තිබෙන දේශීය චින්තනයන් මුල්කරගත්, අපේ කර්මාන්ත, අපේ කෘෂිකර්මාන්තයේ වටිනාකම් ඔප් නංවමින් අපි ඒ සඳහා පර ේදමුඛත්වයක් දෙමින් කටයුතු කිරීම ඉතාම අත්යාමවශ්ය්යි කියන එකයි මෙහිදී මා සඳහන් කරන්නේ.

දිළිදුකම පිටුදැකීම පරරගතමුඛත්වයක් වගේම ආහාර සුක්ෂිතතාවය ඉතා වැදගත් වෙනවා. අපේ රටේ වගේම ලෝකයේ කරන ලද පරීක්ෂණ සහ සමීක්ෂණ තුළ මිනිසා විසින් පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාරවලින් හරියටම 1/3 ක් විනාශවන බව අපි කවුරුත් දන්නවා. උත්සවයකට ගියත්, මේසයක් මත තිබෙන ආහාරවලින් 1/3 ක් ඉවත යනවා. දැනට තිබෙන තොරතුරු අනුව ලෝක ජනගහණයෙන් 1/4 ක් පමණ දැඩි දරිද්ර්තාවයෙන් පෙළෙනවා, ලෝකයේ ජනගහණයෙන් සියයට 20 ක් විතර බඩගින්නේ ඉන්නවා. නමුත් අපි 1/3 ක් ආහාර විනාශ කරනවා. මෙහිදි දිළිදුකම පිටුදැකීම කියන පර්න ශ්නයේදී අපි එක් පැත්තකින් ආධ්යාකත්මික දර්ශනයන් වගේම අනෙක් පැත්තෙන් අප විසින් කළයුතු කර්මාන්ත ඇතුළුවිවිධ ක්ෂේතර‍ාරවල සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය මේ සියල්ල කිරන් යාත්මක කිරීම ඉතා අවශ්ය් වෙනවා.

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මා සඳහන් කළේ විශාල වශයෙන් ආහාර විනාශ කිරීම නිසයි. බොහෝ අය දන්නවා ඇති ලංකාවේ සාමාන්යනයෙන් නිෂ්පාදනය වන ආහාරවලන් 1/3 ක් සතුන් විනාශ කරනවා. රිලව්, වඳුරන්, ඌරන්, අලි විශාල වශයෙන් ආහාර විනාශ කරනවා. ආහාර සුරක්ෂිතතාවය කියන විෂය ක්ෂේතර් යේදී අපි මේ සියලු අංශ පිළිබඳව සැළකිල්ල යොමු කළ යුතු වෙනවා. මෙහි සිටින විශේෂඥ මණ්ඩලය මේ වැඩපිළිවෙළ සකස් කිරීමේ පරුළ මුඛ කාර්ය උසුලන නිසා එතුමන්ලාගේ අවධානය යොමුවනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි තිරසර ඉලක්කවලදී ඒ වගේම ගුණාත්මක බව, අධ්යා පනය, ජල සුරක්ෂිතතාවය, ස්ථාවර බලශක්තිය, ආදායම් පරතරය අවම කිරීම, නාගරික සංවර්ධනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීම, පරිසර සංරක්ෂණය හා සංහි`දියාව ම`ගින් සාමය මේ කියන කරුණු මූලික වශයෙන් සැලකිල්ලට ගත්විට මේ සියලු අංශවලට පරවර්මුඛත්වය දීම ඉතා අත්යාේවශ්ය වෙනවා.

ඒ වගේම තමයි සංවර්ධනය සහ වර්ධනය. සංවර්ධනය සහ වර්ධනය කියන්නේ අපි දන්නවා වෙනස් වචන දෙකක්. සංවර්ධනය ගත්විට අපිට විගරය කහ කරන්න පුළුවන් භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු ඇසට පේන දේ වගේම එය නිර්වචනය කරන්න පුළුවන් බොහෝ විෂය ක්ෂේත්‍ර හරහා. ඒ වගේම තමයි රටක අනාගතය පිළිබඳව වර්ධනය කියන විෂය ක්ෂේත්‍රෙය්දී ආහාර නිෂ්පාදන වර්ධනය, ඒ වගේම දේශීය කර්මාන්තවල වර්ධනය, ඒ වගේම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා ජනතාවගේ සෞඛ්‍යම ක්ෂේත්‍රය තුළ ඇතිවිය යුතු වර්ධනය, ආයු කාලය වර්ධනය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබාගත් ජයග්‍රහණ රාශියක් තිබෙනවා. අපි මැලේරියාවෙන් නිදහස් වූ රටක්. අද අපි වගේම මුළුලෝකයම අභියෝගයකට මුහුණදී සිටිනවා බෝ නොවන රෝග සම්බන්ධයෙන්. ඒ වගේම අපේ රට වශයෙන් ගත්විට එක් පැත්තකින් බෝ නොවන රෝගවලින්, මත්ද්‍රව්‍ය වලින්, ඒ වගේම අපි කවුරුත් දන්නවා දෛනිකව සිදුවන හදිසි අනතුරු නිසා ලංකාවේ අඩු වශයෙන් දවසට දහ දනෙක් මිය යනවා. ඒ තුළ ආබාධවලට ලක්වන සංඛ්‍යාව ගත් විට දවසකට විශාල පිරිසක්. මේ තිරසර සංවර්ධන ක්ෂේත්‍රය පිලිබඳව අවධානය යොමු කරන විට මූලික වශයෙන්ම අපි කල්පනා කළයුතු වෙනවා එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දීම.

    අපේ රට වැඩි ආදායමක් ලබන්නේ විදේශයන්හි සේවය කරන ගෘහ සේවිකාවන්ගෙන්. අපේ රටේ යමක් ඇති හැකි අයට සැප සම්පත් විඳින්නත්, ඒ වගේම යමක් නැති අයට අත්‍යාවශ්‍ය දේ පිටරටින් ගෙන එන්නත් අපිට සල්ලි හම්බ කරලා දෙන්නේ විදේශයන්වල සේවය කරන ගෘහ සේවිකාවන්. ඒ වගේම ඒ සල්ලිවලින් තමයි අපි අපේ රටට අවශ්‍ය පෙට්‍රල්, ඞීසල් ගේන්නේ. ඒ වගේම ඉහළ ආදායම් තිබෙන සමාජයේ ඉතාම සුඛෝපබෝගි ජීවිත ගත කරන සෑම කෙනෙකුටම අවශ්‍ය සුඛෝපබෝගි භාණ්ඩ සියලු දේ ගේන්නේ අපේ විදේශයන්හි සේවය කරන ගෘහ සේවිකාවන්. මේ තත්ත්වයන් වෙනස්කිරීම අවශ්‍ය වෙනවා. තිරසර දැක්ම සහ ජාතික ප්‍රතිපත්තිය තුළ වැඩපිළිවෙළ සකස් කිරිමේදී ප්ධා‍රන වශයෙන්ම දැනුම මුල්කරගත් සමාජයක්, උගතුන් මුල්කරගත් සමාජයක් බිහි කිරීමේ කාර්යයේදී මේ අංශවල විශේෂඥතාවය තිබෙන සෑම කෙනකුටම වගකීමක් තිබෙනවා එම ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා.

අන්තර්ජාතික වශයෙන් දැනුම වෙළෙඳපළට අපි මානව සම්පත් ලබාදීම සඳහා අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් කරමින් වගේම සැලසුම් සමග මෙම වැඩසටහන් කාර්යශූර කිරීම, කඩිනම් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි රටක් වශයෙන් මෙම කරුණු පිළිබඳ මූලික අවධානය යොමු කිරීමේදී තිරසර සංවර්ධන ජාතික වැඩපිළිවෙළේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඔබ අප සෑම කෙනෙක්ම අද දවසේ අපේ වගකීම් සහ යුතුකම් අප විසින් ඉටුකළයුතු වෙනවා.

 ඒ නිසා මම ප්‍රධාන වශයෙන්ම ආරාධනා කරනවා වගකීම භාරදෙනවා අප විසින් පත්කර ඇති මේ විිශේෂඥ කණ්ඩායමට, අපේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරින් ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් මේ සියලු අංශවල අදහස් ගෙන අපේ මේ වැඩපිළිවෙල ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරමින්, දැනට තිබෙන වැඩපිළිවෙල, සැළසුම් ඒවා තව තවත් කාර්යක්ෂම කරමින් ඒවායේ තිබෙන අඩුපාඩු ඉවත් කරලා මේ තිරසර සංවර්ධන වැඩසටහන රටේ අනාගතය සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ නියමිත පරිදි, නියමිත වේලාවට ඒ අංශ සමග සාකච්ඡා කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්යත ඒ නායකත්වය ලබා දෙන්න කියන එක.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2030 ඉලක්කය වගේම මම කළින් සඳහන් කළ ආකාරයට රටට ගැළපෙන ආකාරයට මෙම ඉලක්කය කරා යාම සඳහා කාලසටහන් අපි සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සියලු අංශ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරමින් 2017 නව වසර අපි රටක් විදියට ශක්තිමත් වෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම දුගී භාවයෙන් නිදහස් වෙන්න ඕන. ආර්ථික අර්බුදයෙන් නිදහස් වෙන්න ඕනෑ. භෞතික සම්පත් සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕනෑ. දේශීය කර්මාන්ත වර්ධනය කරන්න ඕනෑ. දේශීය කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යන්න ඕනෑ. විශේෂයෙන්ම අපේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගත යුතු වෙනවා.

බලයේ සිටින අය බලය තහවුරු කර ගැනීම හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩ කිරීම නොවෙයි අද දවසේ මේ රටට අවශ්‍ය වෙන්නේ. අද දවසේ මේ රටට අවශ්‍ය වන්නේ රටේ සිටින සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන්, බැඳීමකින් හා හික්මීමකින් මේ උතුම් රට ඉදිරියට ගෙන යාමට එකට එක්වී කටයුතු කිරීමයි. එහිදී ජාතික සංහිඳියාව ඉතාමත් වැදගත් වෙනවා. තිරසර සංවර්ධනයක් සඳහා ජාතින් අතර සමගිය, ජාතින් අතර සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඉතාමත් අවශ්‍ය වෙනවා. ජනතාව තුළ තිබිය යුතු ඒ බැඳීම සහ විශ්වාසය තුළ තමයි අපේ රට ගොඩනැගීමට සෑමවිටම පුළුවන්කම තිබෙන්නේ.

ඒ නිසා ඒ උතුම් වූ අරමුණු, ඉලක්ක, පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතුයි. රජය විදියට කරන කටයුතු කාර්යක්ෂම කිරීම වගේම සියලු මැති ඇමතිවරු, දේශපාලන නායකත්වයන් ඒ වගේම රාජ්‍ය නිළධාරීන් මේ රටේ සමස්ත පුරවැසියන් පාසල් දරුවගේ සිට සෑම කෙනෙක්ම අපේ රට ලෝකයේ ප්‍රබුද්ධ, ශක්තිමත්, විශිෂ්ට රාජ්‍යයක් විදියට ගොඩනඟන්න ඒ කැපවීම ඇතිකරගෙන කටයුතු කරමු. අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉතාමත් විශිෂ්ට ලෙස ඉටුකරමු කියන ගෞරවනීය ආයාචනය කරනවා.

අපේ සංස්කෘතිය දෙස බලන විට, ශ්‍රී ලාංකික ජනතාවගේ වටිනාකම් දෙස බලන විට නිසි මගපෙන්වීමක් සිදුකළහොත් යහපත් දේ සඳහා ඔවුන් කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ. සෑම කෙනෙක්ම ඒ සඳහා ඒකරාශී වී කටයුතු කරනවා. ඒ නිසා සියලු ජනතාවටත්, සියලු ආයතනවලටත් දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට විශේෂඥ මණ්ඩලය විසින් ලබාදෙන මගපෙන්වීම, අවශ්‍ය සැළසුම් අවශ්‍ය ආකාරයට සකස් කරමින් ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා සෑම කෙනෙක්ම එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ලැබුවා වූ නව වසර වඩා සුබවාදී, වාසනාවන්ත නව වසරක් වේවා කියලා නැවත වතාවක් ආශිර්වාද කරමින් අපේ උතුම් මාතෘ භූමිය ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට ගොඩනඟන්න තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය තුළ ඉදිරියට යන්න, තිරසර සංවර්ධනයේ උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගන්න අපි සෑම කෙනෙක්ම ඒ විශිෂ්ට ජයග්‍රහණය සඳහා ඉදිරියට යමු කියන ආයාචනය කරමින් ඔබ සෑම කෙනෙක්ගෙන්ම සමු ගන්නවා.

Read 30 times