ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අද (05) සිය පනස් වැනි සංවත්සරය සමරයි. ඒ නිමිත්තෙන් සංවිධාන කරන ස්වර්ණ ජයන්ති සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරු 3 ට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ. විද්යුත් ජනසන්නිවේදන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීයා වෙමින් ජනතාවට තොරතුරු, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමේ විශිෂ්ට මෙහෙවරක නියැළෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිය ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ නව පරිපාලන ගොඩනැඟිල්ල සහ යාවත්කාලීන කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීමද අද සිදු වන අතර මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වෙති.