ලෝක රාජ්‍ය නායකයින්ට, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු තීරණ ගැනීමේලා බෞද්ධ චින්තනයෙන් ලබා දෙන මඟ පෙන්වීම අර්ථ දක්වමින් යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ජාත්‍යන්තරව ජනගත කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යඬ හා ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය, පූජ්‍ය ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ සෝබෝන් විශ්ව විද්‍යාලයයේ ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය François CHENET මහතා විසින් රචිත BUDDHIST IDEALS OF GOOD GOVERNANCE ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක හා ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමන්ලාගේ ආරාධනයෙන්අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන්, සම්භාවනීය ආරාධිතයින් හා විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 2017 ජනවාරි 16 වන දින ප.ව. 4.00 බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන භාර අරමුදලේ ඔප්පු ප්‍රදානයද යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සංකල්ප පිළිබඳ පත්‍රිකාවක් එළිදැක්වීමද එදිනට සිදු කෙරේ. යහපාලන සංකල්පය පිළබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය නම්වූ සංකල්ප පත්‍රිකාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමද එහිදී සිදුකිරීමට නියමිතයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ඓතිහාසික උත්සවය සංවිධානය කරනු ලැබේ.