ඕස්ටේ‍්‍රලියානු රජයේ ආරාධනයක් මත අග‍්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (13) ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගිය බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවන්ට 70 වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි.

ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවකට වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා දූත පිරිස සහභාගී වන අතර, ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මේ සංචාරය අතරතුරදී අත්සන් තැබෙනු ඇත.

මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග‍්‍රාමාතය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ‍්‍රාද පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට  එක්වූ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

prime minister image