තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දීමේ ඓතිහාසික නිල මහෝත්සවය පෙබරවාරි මස 17 වන සිකුරාදා උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයේදී,අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කෙරෙන, මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කෙරෙන මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ප්රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින්ද සහභාගී වීමට නියමිතය.