තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දීමේ ඓතිහාසික නිල මහෝත්සවය අද උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයේදී, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කෙරෙන, මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කෙරෙන මෙම නිල අවස්ථාවට අතිපූජ්‍ය මහා සංඝරත්නය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා ඇතළු මැති ඇමතිවරුන් රාශියක්ද,ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ප්රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, රටේ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරනු ලබන තොරතුරු නිලධාරීන් ඇතුළු නිලධාරීන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී විය.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තොරතුරු දැනගැනීමේ පනත ජනතාගත කෙරුණුු මෙම අවස්ථාවේදීම පනතට අදාල වෙබ් අඩවිය එඛදැක්වීම ද සිදු කෙරිණි.