එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල හා ලෝක බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (21) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මැතිතුමා, ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.
ලෝකයේ නිර්මල ථෙරවාදී බුදු දහම ක්‍රියාත්මක කරන රටවල් අතරින් ප්‍රමුඛස්ථානය හිමි වනුයේ ශ්‍රි ලංකාවටය. ඒ අනුව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව 2017 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල 2017 වර්ෂයේ මැයි මස 12 හා 13 යන දෙදින තුල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා රටවල් සියයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් පැමිණීමට නියමිතය.