ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තිරසර මුල්‍ය පිළිබද වැඩමළුවේ සමාරම්භක සැසිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක්ද, මූල්‍ය ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයින් සහ විද්වතුන් පිරිසක්ද මෙම සමාරම්භක සැසියට එක්ව සිටියහ.