තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ ගමේ පාසල, පන්සල, කෝවිල, පල්ලිය කේන්ද්‍ර කරගනිමින් සිදුවිය යුතු බවත් මානසික සංවර්ධනය ඇතිකර ගැනීමට හැකිනම් තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම අපහසු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථික හා සමාජ සංවර්ධන රඳා පවතින්නේ මානසික සංවර්ධනය මත වන අතර තිරසර සංවර්ධන සංකල්පය අතීතය දක්වා දිවෙන බවත් අගමැතිවරයා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, තිරසර සංවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
තිරසර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට යාන්ත්‍රණයක් තිබෙනවා . 2015 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ලෝක නායකයින් සමඟද කතාකළා. තිරසර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හැමෝටම යාන්ත්‍රණයක් නෑ. අපි තීරණය කළා තිරසර සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් නිති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ වගේම තිරසර සංවර්ධන සභාවක් පිහිටුවීමට අදාළ මූලික කටයුතු අපි සිදුකර තිබෙනවා.කැනඩාවේ කෙටුම්පත පාදක කරගෙනයි අපේ කෙටුම්පත සකස් කළේ. විධායකය, ඊට සම්බන්ධ වී සිටින විශේෂඥයන්, සංවිධාන එකතුවෙලා ප්‍රතිපත්ති සකස් කරලා, ඉදිරියට ගෙන යා හැකි යාන්ත්‍රණයක් තමයි, අපි යෝජනා කළේ. මේ සභාවට ඉදිරිපත් කරලා, දැන් සංශෝධන කීපයක් තිබෙනවා. අලුත් සභාව ක්‍රියාත්මක කරනවා. තනිව ක්‍රියාත්මක කරන්නේ නෑ. රජයේ ආයතන, ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන ආයතන, පුද්ගලික අංශය,මුළු රටම මෙයට සම්බන්ධ වෙනවා. එය සිදුවෙනවද නැද්ද කියලා බලන්න,වාර්තා කරන්න තේරුම් කාරක සභාව තිබෙනවා. තිරසර සංවර්ධන අරමුණ, තිරසර සංවර්ධන ආර්ථික,සමාජිය පාරිසරික මානය සංයෝජනය කෙරෙන රාමුවක් ඇති කිරීම, එය සිදු වෙනවා ද නැද්ද කියලා බලලා පාර්ලිමේන්තුවට වර්තා කරන්න මේ තේරුම් කාරක සභාව සිටිනවා. එයයි විශේෂත්වය. ඒ තේරුම්කාරක සභාව ක්‍රියාත්මකයි. 2018 වසරේ සිට මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙය ගමට ගෙන යන්න ඕන ග්‍රාම රාජ්‍ය යෝජනා කරල තිබෙනවා, ගමෙන් පාසලෙන් පන්සල පල්ලිය කොවිලෙන් මේ කටයුත්ත පටන් ගන්න තිබෙනවා.ආර්ථික හා සමාජ සංවර්ධනය රඳා පවතින්නෙ මානසික සංවර්ධනය මතයි. මානසික සංවර්ධනය ඇතිකර ගැනීමට හැකිනම් තිරසාර සංවර්ධන ඉලක්ක අත්කර ගැනීම අපහසු වන්නෙ නැහැ. ඒ අනුව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම අපහසු නැහැ.එමෙන්ම සියලු දෙනාටම තන්හාව රැස්කර ගැනීම ආදිය අපි ඈත් කළ යුතුයි.එවිට මේ ඉලක්ක ජයගැනීම අපහසු නැහැ.එමෙන්ම තිරසර සංවර්ධනය අද ඊයේ ඇතිවූවක් නෙවෙයි.තිරසාර සංවර්ධනය ඈත අතීතයට දිව යනවා.ශිෂ්ඨාචාරයත් ඒ වගේමයි.ශිෂ්ඨාචාරයෙන් අපට උගත හැකි දේවල් බොහෝමයි යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත උනා මැකෝලි මහත්මිය පැවසූයේ,
2015 වසරේදී ලෝක නායකයින් එකතුවෙලා ගත් තීරණ අනුවයි මෙම ඉලක්ක 17 ඉදිරිපත් කර තිබෙන්නෙ.මෙම ඉලක්ක 2030දී සපුරාලීමටයි අපේක්ෂා කරන්නේ.ඇතැම් විට මෙම සියළු ඉලක්ක 2030 දී මෙම ඉලක්ක සපුරාලන්නට නොහැකි වෙයි.නමුත් අපට අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් ළඟා වීමට අපට අපේක්ෂා කළහැකියි.ඇතැම් අරමුණු අපට තනිවම ජයගන්නට හැකි වන්නේ නැහැ.ඒ නිසා මෙවැනි අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් කළාපීය වශයෙන්,ජාත්‍යන්තර වශයෙන් එක්ව කටයුතු කළ යුතුයි.2030 වනවිට අපි වයසට ගොස් සිටිවී .අපි වියපත් වේවි.නමුත් අපි මේ ඉලක්ක වලට යා යුත්තේ අපගේ දරුවන්,මුණුපුරු මිණිබිරියන්ගේ අනාගතය වෙනුවෙනුයි.
මෙම අවස්ථාවට සභානායකතුමන් ඇතුළුව පාර්ලිමේන්තු මැති ඇමතිවරු,පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.