2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

2016 වර්ෂයේ අගෝස්තු මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මත විෂයධාරා 07 ක් යටතේ මුල් ස්ථාන 05 අතරට පැමිණි සිසු සිසුවියන් 35 දෙනෙකු සඳහා සහ 2016 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන්ම ඉහළම ලකුණු ලැබූ සිසුන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුබපැතුම් පිරිනැමීය.
එමෙන්ම ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ, මහජන බැංකුවේ සහ සිංගර් ශී‍්‍ර ලංකා ආයතනයේ දායකත්වයෙන් ඔවුන්ට මුදල් තිළිණ සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 09 AL scholarship10 Grade 5 scholarship Group

11 AL scholarship Group

12 AL scholarship Group 2

{jathumbnail off}