“ පාසල් වල අඩුපාඩු සොයල බලල ඒවාට නිර්දේශ ලබාදෙන විට හුදකලා පාසල් දියුණු කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරයි කියල කලාප අධ්‍යාපන කාර්යාල වලින් මම බලාපොරොත්තු වෙනවා.

අද හැම දෙමාපියෙක්ම වෙන කිසි දවසක නැති ආකාරයකට අධ්‍යාපනයේ වටිනාකම තේරුම් අරන් තිබෙනවා. අද දරුවන් වෙනුවෙන් කල හැකි හොඳම දෙය හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ නිසා හොඳම ආයෝජනය අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය ” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කීය.

ඇල්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඇමති ගයන්ත මෙම අදහස් පළකර සිටි‍යේය.

මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය. “ හැම පාසලකටම තිබෙනව තේමාවක්. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා නිතරම කිව්වේ ඉගෙනගෙන පිටවෙන්න කියල. ගුන නැණ දෙකම දරුවකුට අත්‍යවශ්‍යයි. ගුණය විතරක් තිබිල වැඩක් නැහැ ඥාණය පිහිටල නැත්නම්. ඥාණය විතරක් තිබුනට වැඩක් නැහැ ගුණය පිහිටල නැත්නම්. පාසලම තමයි දරුවකුට විධිමත් අධ්‍යපනයක් ලබාදෙන මූලිකම ආයතනය. දරුවගේ කුසලතා, ආකල්ප, දක්ෂතා වර්ධනය කරන තැන පැසලයි. හැම දරුවෙක්ටම තිබෙනවා සැඟවුනු දක්ෂතාවයක්. ඇතැම් උදවියගේ අපි දකිනවා දක්ෂතා කිහිපයක් පිහිටල තිබෙනවා. කුඩා වයසෙදිම ඒවා හඳුනාගන්න දෙමාපියන් සමත්වෙනවා. බොහෝ වෙලාවට ගුරුවරුන් දරුවන්ගේ දක්ෂතා ඉවෙන් වගේ හඳුනගන්නවා. දක්ෂතා හඳුනාගෙන ඒවා ඔපමට්ටම් කරගත් විට තමයි වටිනාකම වැඩිවන්නේ. පාසල් අද්‍යාපනයේදී විශය දැනුම වගේම විශය පරිභාහිර දැනුමත් අවශ්‍යවෙනවා. ”