ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය අදට යෙදී ඇත.

ඒ වෙනුවෙන් ‘‘ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්" ආයතනය නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙන්නේ ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ‍්‍රි ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර තිබෙන බවයි.


රටවල් 180ක් අතරින් ශ‍්‍රී ලංකාවට 141 වන ස්ථානය හිමිව ඇති බවයි අතර පැරිස් නුවර පිහිටි ‘‘රිපෝර්ටර්ස් විතවුට් බෝර්ඩර්ස්‘‘ ආයතනය විසින් අදාළ සමීක්ෂණය සිදු කරනු ලැබීය.
ඒ, එම රටවල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින්.