උතුරු මැද පළාත තුළ විවිධ ක්ෂේත්රයන්හි හා විවිධ කාර්යයන්වල නිරතවෙමින් මානව සමාජයේ උන්නතිය උදෙසා විශිෂ්ට ලෙස අද්විතීය සේවාවක් කළ පුද්ගලයින් ඇගයීමට ලක් කරනු වස් සංවිධානය කෙරෙන, රජ රට සම්මාන උළෙල – 2017, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ හෝටලයේදී පැවැත්විණි.
සාහිත්‍ය කලා, සමාජ සේවා, කී‍්‍රඩා, පාරම්පරික වෙදකම, වෘත්තීවේදී, පාරම්පරික ශිල්පකලා, නව නිපැයුම් ආදී ක්ෂේත්‍ර 10 ක් ඇගයීමට ලක් කරමින් අනුස්මරණ සම්මාන 06 ක් ඇතුළු සම්මාන 28 ක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අපවත් වී වදාළ දිඹුලාගල රජමහා විහාරාධිපති පූජ්‍ය කිතලගම ශී‍්‍ර සීලාලංකාර නායක ස්වාමින් වහන්සේ, නැසීගිය ප්‍රවීණ ගීත රචක ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, නැසිගීය ප්‍රවීණ ගී පද රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න, නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ, නැසිගිය ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන, නැසීගිය ප්‍රවීණ ක්‍රීඩා උපදේශක කුමුදු කුමාර සිල්වා යන මහත්වරුන් වෙනුවෙන් මෙහිදී අනුස්මරණ ස්වර්ණ සම්මාන පිරිනැමිණි.
උතුරු මැද ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.
අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
{jathumbnail off}