කොළඹදී හෙට (12) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළලට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11) පස්වරු 5.45ට දිවයිනට සැපැත් විය.


එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසිනි.