2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සදහා සංවිධානය කරන උතුරු පළාත් එක් දින වැඩමුළුව 2017.07.07 වන දින පෙ.ව.9.00 සිට යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්වේ.


මීට සමගාමීව මෙම පනත පිළිබදව එදිනම යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සදහා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.