මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය සියළුම විද්‍යුත් මාධ්‍ය ආයතන එකම වේදිකාවක සිට තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන අද (15) ආරම්භ විය.

මේ සදහා සියලුම මාධ්‍ය, සියලුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක් කෙරේ.
ඒ අනුව අද පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට සජීවීව මෙම ජාතික වැඩසටහන මෙහෙයවනු ලැබේ.
මෙහි දෙවන අදියර ලෙස පාසල් හා කාර්යාල පරිශ‍්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ලබන 21 වන සිකුරාදා දින සිදු කිරීමට කටයුතු සංවිධානය ඇත.